දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයයේ වසා තිබූ දුම්රිය ගේට්ටුව හරහා ධාවනය කළ බස් රථයේ රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 28 වන දා සවස 5.16ට පමණ දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය වසා ඇති අවස්ථාවක එය නොතකා දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වු බස් රථයක් පිළිබඳ වීඩියෝවක් ඊයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා.
දකුණු පයාගල පොලීසිය විසින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අද (30) පොලිස් ස්ථානය වෙත කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් රියදුරු සහ කොන්දොස්තරවරයා හෙට (01) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම