බේරුවල ප්‍රදේශයේ පයාගල හෙරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී වූ 48දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ හෙරගස්කැලේ, මැන්ඩෝරාවත්ත, එරියකන්ද යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් වාර්තා වී තිබෙන බවය.
පසුගිය ජූලි 11 වන ඉරිදා එනම් අවමංගල්‍ය කටයුතු සිදුවු නිවසේ කාන්තාවකගේ අවසන් කටයුතු සිදුකළ දිනට පසුදින ආසාදිතයන් හඳුනා ගෙන තිබෙන අතර අනතුරුව ඊට සහභාගී වූ 140කට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී අනෙකුත් ආසාදිත පිරිස හඳුනා ගෙන ඇත.
ඒ අනුව නිවාස 28ක් පමණ නිරෝධායනයට ලක්කර ඇති අතර, අවමඟුලට ගම්මානයට පිටතින් පැමිණි පුද්ගලයින් සොයා මෙහෙයුමක් දියත් කර ඇතැයි ද බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කොවිඩ් ආසාදිතයින් ඊයේ (19) රාත්‍රියේ රෝහල්ගත කිරීමට යුද හමුදාව හා සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්