මෙවර ශ්‍රී පාද වන්දනා වාරය එන උඳුවප් පුර පසලොස්වක පොහොය දිනයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සහ සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීමටයි තිරණය කර තිබෙන්නේ.
දෙසැම්බර් 27 පස්වරුවේ යෙදෙන විශේෂ නැකතට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වනදා උදෑසන ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ග 4ක් ඔස්සේ වැඩම කරවීමට නියමිතයි.
ඒ අනුව එක් මාර්ගයකින් පුද්ගලයින් 50 බැගින් උපරිම පුද්ගලයින් 200 දෙනෙකු සහභාගී කරවීමට ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමිගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.
සඹරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ද ඊට එක්ව සිටි අතර ඔහු කියා සිටියේ මෙවර වන්දනා සමය අවම ජනතා සහභාගිත්වයෙන් සිදුකරන බවයි.
ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන සියලු බැතිමතුන් තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වී සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය බව ද සඳහන් කරනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්