Invitational T20 League අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට Greys කණ්ඩායම හා Reds කණ්ඩායම සමත් වුණා.
ඊයේ (22) තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Greens කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 114 ක් ලබා ගත්තා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 115 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි Reds කණ්ඩායම 14 වන පන්දුවාරයේදී ජයග්‍රාගී ඉල්ලකය පසුකර යාමට සමත් වුණා.
Reds කණ්ඩායම ජයග්‍රාහී ආරම්භයක් ලබාදෙමින් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ අවිෂ්ක ප්‍රනාන්දු හා දිනේෂ් චන්දිමාල් පන්දු 49කින් වේගවත් ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩ ගැනීමට සමත් වුණා.
එහිදී අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 25 කදී ලකුණු 38 ක් ලබාගත් අතර නායක දිනේෂ් චන්දිමාල් පන්දු 32 කදී ලකුණු 40 ක් ලබා ගත්තා. තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 24 වැනිදා Greys කණ්ඩායම හා Reds කණ්ඩායම අතර රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි