සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදි ශතකයක් වාර්තා කිරීමට අවිශ්ක ප්‍රනාන්දු සමත්ව තිබේ.
අවිශ්ක මෙලෙස වාර්තා කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ තෙවන ශතකයයි.
පන්දු 106කට මුහුණ දුන් අවිශ්ක හතරේ පහර හතක් සහ දැවැන්ත හයේ පහර 2ක් සමග මෙම ශතකය වාර්තා කිරීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 44ක්, මිනෝද් භානුක ලකුණු 27ක් රැස්කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 40ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 210ක් රැස්කර ගෙන සිටියි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි