ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කිසිදු තරග රටාවකින් සමුගැනීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කලේ එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන සමාජ මාධ්‍ය පිටු පරිශීලනය කිරීමෙන් හා එවැනි අසත්‍ය තොරතුරු විශ්වාස කිරීමෙන් වලකින ලෙසයි.
භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ පසුබිමක අවිශ්ක ප්‍රනාන්දු ද ජාතන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පල වෙමින් ඇති ප්‍රචාර පිළිබද අදහස් දක්වමින් අවිශ්ක ප්‍රනාන්දු මේ බව කියා සිටියා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි