ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් බංග්ලාදේශය සමග තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු ඉවත් කර තිබෙන බවයි වාර්තා වන්නෙ.
23 හැවිරිදි ප්‍රනාන්දු බංග්ලාදේශ එක්දින තරගාවලිය සඳහා 18 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් කර ඇති අතර ඔහු යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් නොවීම හේතුවෙන් බංග්ලාදේශයට නොයනු ඇත.
මාස තුනකට පෙර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි එක්දින හා විස්සයි 20 තරගමාලාව ප්‍රනාන්දුට අහිමි විය. මිනිත්තු 8 යි තත්පර 35 ක් ඇතුළත ක්‍රීඩකයන්ට කිලෝමීටර් 2 ක දුරක් ධාවනය කළ යුතු නමුත් ප්‍රනාන්දු විසින් ධාවන කාලය සම්පූර්ණ කිරීමට ගතවන උපරිම කාලයට වඩා විනාඩියකට වඩා වැඩි කාලයක් ගත කර ඇත.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි