කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් අවුරුද්දකුත් මාස 4ක් වයසැති දරුවෙක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
“මීට දින 11කට පෙර අවුරුද්දකුත් මාස 4ක් වයසැති දරුවෙකු රෝහලට ඇතුළත් කළා. මේ කුඩා දරුවා ඇතුළත් කිරීමේදී උණ සහ සෙම අමාරු තිබුණා. ඇතුළත් කළ මොහොතේ සිට එම දරුවා ඉතාමත් අසීරු තත්ත්වයෙන් පසුවුණේ. ඒ නිසා දරුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. දින 11ක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගත්තා. කෙසේවෙතත් දරුවා බේරා ගැනීමට හැකියාවක් තිබුණේ නෑ. දරුවාට නිව්මෝනියා තත්ත්වය වැළඳිලා තිබ්බා. එම කුඩා දරුවා අවස්ථා දෙකකදීම කොරෝනා ආසාදිත බවද තහවුරු වෙලා තිබුණා. මේ දරුවාගේ මවත් පියාත් දෙදෙනාම කොරෝනා රෝගය වැළඳී ස්ථාන දෙකක ප්‍රතිකාර ලබමින් සිටින බවද අනාවරණය වුණා. මෙම දරුවාගේ පදිංචිය කොළඹ 02 ප්‍රදේශයේ.”
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළා
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්