වයස අවුරුදු පහට වැඩි දරුවන්ට කොරෝනා වයිරසයට එරෙහි ෆයිසර් එන්නත ලබාදීම සුදුසු බව ඇමරිකාවේ විශේෂඥයින් පිරිසක් සඳහන් කරනවා.
වයස අවුරුදු 05ත් 11 ත් අතර දරුවන්ට මේ වනතෙක් එන්නත් ලබාදී නොමැති අතර ඔවුන්ට ෆයිසර් එන්නත ලබාදීම සුදුසු බවයි ඇමරිකාවේ ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ. ඇමරිකාවේ වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට මේ වනවිටත් ෆයිසර් එන්නත ලබාදෙනවා.
ඉදිරි සති කිහිපය ඇතුළත අවුරුදු 05ත් 11ත් අතර දරුවන්ටද එන්නත් ලබාදීම ආරම්භ කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඇමරිකාවේ දරුවන් මිලියන 28 කට පමණ ෆයිසර් එන්නත ලබා දෙනු ඇති. මේ සම්බන්ධයෙන් වසංගත රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අවසන් තීරණය නොවැම්බර් මස දෙවනදා ලබාදීමට නියමිතයි.
More Stories
චීන-වියට්නාම හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් නිර්මාණය කිරීම තවදුරටත් ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් ඇරයුම්
චීන මාධ්‍ය සමූහය වියට්නාම රූපවාහිනිය ඇතුළු ආයතන තුනක් සමග සහයෝගීතා ලේඛනවලට අත්සන් තබයි
අධිපතිවාදය සහ ආරක්ෂණවාදයට විරුද්ධ වන්නැයි චීන ජනපතිගෙන් ඉල්ලීමක්