අවුරුදු 12 ත් 15 අතර ළමුන් එන්නත්කරණය අද ආරම්භ කෙරෙනවා.
එහිදී එක් එන්නතක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.
පාසැල් ළමුන් එන්නත්කරණයට සමගාමීව මෙතෙක් බූස්ටර් එන්නත නොගත් ගුරුවරුනටද එම පසල්වලදීම එන්නත ලබාගත හැකියි.
අවුරුදු 12 ත් 15 අතර සංකූලතා සහිත ළමුන් 30,000 ක පමණ පිරිසක් මීට පෙර එන්නත්කරණයට ලක් කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.
අවුරුදු 15 ත් 19 අතර ළමුන් ද මීට පෙර එන්නත්කරණය ට ලක් කෙරුණා.
ලබන සඳුදා සිට පාසල් සාමාන්‍යකරණයට ලක් කෙරෙන අතර දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව එන්නත්කරණ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්