රත්නපුර මලංගම ප්‍රදේශයේ පදිංචි 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙක් අතුරුදන්ව තිබේ.
නුවන්ත ලක්ෂාන් අබේරත්න නමැති එම දරුවා පසුගිය 24 වන සෙනසුරාදා සිට අතුරුදන්ව ඇති බව දෙමාපියන් පවසයි.
අතුරුදන් වූ දරුවාගේ පියා මඩකලපුව පොලීසියට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකු වන අතර, ඔහු මේ සම්බන්ධයෙන් රත්නපුර පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
දරුවා නිවසින් බැහැරව යන ආකාරය නිවස අසල සී.සී.ටී.වී. කැමරාවල ද සටහන්ව ඇත.
කුමන හේතුවක් මත දරුවා නිවසින් බැහැරව ගියේද යන්න පිළිබදව සිතාගත නොහැකි බව පියා පවසයි.
අතුරුදන් වූ දරුවා පිළිබදව යම් තොරතුරක් වෙතොත් පොලීසියට දැනුම් දෙන ලෙස මව්පියන් ඉල්ලා සිටියි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට