අවුරුදු 16ත් 19ත් අතර වයස් කාණ්ඩයේ පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන අද (22) සිට දිවයින පුරා ආරම්භ වේ.
ඒ සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව අවුරුදු 16,17,18 සහ 19 යන වයස් කාණ්ඩයේ පාසල් සිසුන් සඳහා එම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් විසින් තීරණය කරනු ඇති බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේය.
එම එන්නත්කරණ වැඩසටහන සඳහා අවශ්‍ය ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් තොග සෑම දිස්ත්‍රික්කයක් සඳහාම මේ වන විටත් යොමු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.
“පාසල් ළමුන්ගේ වයස් කාණ්ඩ 16,17,18,19 යන සියලුම වයස් කාණ්ඩවල එන්නත්කරණය අපිට ආරම්භ කරන ලෙස පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ත් ඔවුන්ගේ යටතේ සිටින වසංගත රෝග වෛද්‍ය නිලධාරීන් ට අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. ඒ අනුව ආරම්භ කරන ලද එන්නත්කරණ වැඩපිළිවෙල පාසල්වල 16,17,18,19 යන සියලුම වයස් කාණ්ඩවල ළමුන්ට එන්නත්කරණය ආරම්භ කරනවා ඇති. අපි ෆයිසර් එන්නතේ එක් මාත්‍රාවක් මෙහිදී ලබාදෙනවා.”
මේ අතර මෙරට ජනතාව එන්නත්කරණය කිරීමට අදාළව පිළිගත හැකි දත්ත වාර්තාවක් ඉදිරිපත් කිරීමට වසංගත රෝග විද්‍යා අංශය අපොහොසත් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.
“මේ වෙලාවේ දීලා තියෙන එන්නත් සම්බන්ධයෙන් පැහැදිලි වාර්තාවක් ලබාදීමේ වගකීම තියෙන්නේ වසංගත රෝග විද්‍යා ඒකකයට. වසංගත රෝග විද්‍යා ඒකකයෙන් තමයි මේ සම්බන්ධයෙන් පැහැදිලි දත්ත වාර්තාවක් ජනතාවට හෙළි කරන්නේ. ඒ සම්බන්ධයෙන් ඔවුන් නීතිමය වශයෙන් බැඳී සිටිනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්තාව ලබාගෙන ඒ වාර්තාවේ තියෙන කරුණු ජනතාවට තේරෙන ආකාරයෙන් පැහැදිලි කිරීමේ වගකීම ඔවුන්ට තියෙනවා. අපි දකින්නේ නෑ ඒ වගකීම ඉෂ්ට වෙනවා. අපිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්තාවක් නිකුත් වුණ පළියට ඒක ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නවා ද නැත්නම් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවත් ඒකම ද කියන එක ප්‍රශ්නගත කාරණාවක්. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයෝ ඉදිරියට පැමිණලා කරුණු ඉදිරිපත් කළ යුතුයි.”
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්