විශේෂිත අවස්ථාවලදී වයස අවුරුදු 16 ත් 18 ත් අතර තැනැත්තන්ට විවාහ වීම සඳහා අවස්ථාව ලබාදීම කෙරෙහි අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පවසනවා.
වයස අවුරුදු 16 ට අඩු ගැහැණු දරුවෙකු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික ක්‍රියාවක් සඳහා යොදා ගැනීම ස්ත්‍රී දූෂණයක් ලෙස නීතියේ දක්වා තිබුණද වයස අවුරුදු 16 ත් 18 ත් අතර පසුවන්නන් කැමැත්තෙන් ඒ සඳහා යොමු වී තිබෙන බවට පැහැදිලිව පෙනුන හොත් එම නීතිමය ආවරණය හිමි වන්නේ නැහැ.
කෙසේ නමුත් ඔවුන් කැමැත්තෙන් මේ සඳහා යොමු වුවත් ඔවුනට විවාහ වීම සඳහා 18 වන තෙක් සිටීමට සිදු වන බවත් ඒ අනුව දෙපාර්ශවයේම කැමැත්ත ඇත්නම් එය විශේෂ අවස්ථාවක් ලෙස සලකා ඔවුන්ට විවාහ වීමට අවසර දීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ