අසත්‍ය ප්‍රකාශ කරමින් චීනයේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වහා නවතාලන ලෙස චීනය පිලිපීනයට අනතුරු අඟවා ඇත.
චීන නාවික හමුදාවේ ගුවන් යානයක් පිලිපීන රාජ්‍ය සේවයට අයත් ගුවන් යානයකට බාධා කළ බවට පිලිපීනය එල්ල කරන චෝදනාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක Wu Qian මහතා මේ බව පැවසීය.
මාධ්‍යවේදීන් පිරිසක් ද රැගත් අදාළ පිලිපීන ගුවන් යානය අනවසරයෙන් චීන ගුවන් කලාපයට කඩා වැදී නොසැලකිලිමත් ලෙස හැසිරී ඇත. එම යානය එම අවස්ථාවේ සාමාන්‍ය මුර සංචාරයේ නිරතව සිටි චීන හෙලිකොප්ටර් යානයකට තර්ජනාත්මක වන ලෙසින් හැසිරීම හේතුවෙන් ගුවන් සහ සමුද්‍රීය ආරක්ෂක අවදානම් සලකා ඊට නිසි පියවර ගත් බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් වෙනත් රටවල ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළු වීම අන් සියල්ලටම වඩා නොසැලකිලිමත් මෙන්ම වගකීම් විරහිත ක්‍රියාවක් බව Wu Qian මහතා අවධාරණය කළේය. එබැවින් චීනයේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමත් අසත්‍ය ප්‍රකාශ කිරීමත් වහා නතර කර දකුණු චීන මුහුදු කලාපයේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් චීනය සමඟ කටයුතු කරන ලෙස පිලිපීනයෙන් ඉල්ලා සිටින බව එම ප්‍රකාශකවරයා දැනුම් දී ඇත.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්