ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නවතම ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා.
ඒ, ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා, ඉන්දු – එංගලන්ත සහ බංග්ලාදේශ – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලි පදනම් කර ගනිමින්.
මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පිතිකරු දර්ශකයේ 66 වන ස්ථානය දක්වා ස්ථාන 122කින් ඉදිරියට පැමිණීමට චරිත් අසලංක සමත් වී තිබෙනවා.
ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දී ලකුණු 196ක් රැස් කරමින් ඔහු දැක් වූ සුවිශේෂ දක්ෂතාව හේතුවෙන්.
වනිදු හසරංග එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 32 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
වේග පන්දු යවන්නන්ගෙන් දුෂ්මන්ත චමීර ඉදිරියට පැමිණ ඇත්තේ 35 වන ස්ථානය දක්වායි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි