චීනයේ ප්‍රමුඛ බිලියනපතියෙක් ට වසර 18ක සිරදඬුවමක් එරට අධිකරණයක් විසින් නියම කර තිබේ. ඔහු පසුගියදා චීන බලධාරීන්ගේ ප්‍රතිපත්ති විවේචනය කර තිබුණි.
ඒ ආකාරයට පසුගිය කාලය පුරා එරට ධනවත් සමාගම්වල ප්‍රධානීන් කිහිපදෙනෙකුට එරෙහිව චීන බලධාරීන් දඬුවම් ලබාදුන්නේය.
සන් ඩාවූ යනු එරට එක් විශාලතම කෘෂි නිෂ්පාදන සමාගමක හිමිකරුය. ඔහුගේ ව්‍යාපාර හෙබෙයි ප්‍රාන්තය කේන්ද්‍රකර පිහිටා තිබේ.
67 හැවිරිදි ඔහු පසුගිය දින කිහිපයේදී චීනයේ මානුෂික අයිතිවාසිකම් සහ වෙනත් දේශපාලනික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් චීන බලධාරීන්ව විවේචනය කළේය.
ගැටුම් ඇතිකිරීම සහ ගැටලු මතුකිරීම යන චෝදනා සඳහා සන් ඩාවූ ව වැරදිකරු කර තිබේ. සමාජ ක්‍රියාධරයින්ට එරෙහිව චීන බලධාරීන් සැමවිටම මතුකරන චෝදනාවකි.
නීතිවිරෝධී ලෙස ගොවිපලක් පවත්වා ගෙන යාම, රාජ්‍ය දේපලවලට හානි කිරීමට ජනතාව රැස්කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ට බාධා කිරීම අනෙක් චෝදනා වෙයි.
ඔහුට එරෙහිව චීන යුවාන් මිලියන 3.11ක දඩයක් ද නියමකර තිබේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි