6 වන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ, පාකිස්ථාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කරමින්.
ඩුබායිහි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන නායක බාබර් අසාම්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් ලබාගත්තා.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළ භානුක රාජපක්ෂ තම 20 යි 20 තරග දිවියේ තුන්වන අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 45 කදී ලකුණු 71 ක් රැස් කිරීමට සමත් වුණා.
ඔහුගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් වර්ණවත් වුණා.
වනිඳූ හසරංග ලකුණු 36 යි.
පන්දු යැවීමේදී හැරිස් රාවුෆ් කඩුලු 3ක් බිඳහෙළුවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියළු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 147 ක් පමණයි.
මොහොමඩ් රිස්වාන් ලකුණු 55 ක් ලබාගත්තා.
නවක ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් ලකුණු 34 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.
වනිඳු හසරංග ලකුණු 27 ට කඩුලු 3 යි.
භාණුක රාජපක්ෂ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.
තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ වනිදු හසංරගයි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්