මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩි නැවත හදිසියේම සිය රට බලා පිටත්ව ගොස් තිබේ.
ට්විටර් සටහනක් තබමින් ශයිඩ් පවසා තිබුණේ නොවැළැක්විය හැකි හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් නැවත තම නිවස බලා පිටවත්ව යන බවයි. එම හදිසි තත්ත්වය පාලනය වූ පසුව ඉක්මණින් නැවත එන බවද අෆ්රිඩි පවසා තිබේ.
කෙසේ වෙතත් අෆ්රිඩි සිය රටට බලා යෑමට හේතුව ලෙස ඔහුගේ දියණියක් වන අස්මාරා අෆ්රිඩිගේ අසනීප තත්ත්වය හේතුවන්නට ඇති බව වාර්තා වෙයි.
අස්මාරා අෆ්රිඩි පිළිකාවක් හේතුවෙන් පීඩා විඳි බවට මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණී.
ශයිඩ් නැවත සිය රටට බලා ගොස් පැමිණියත් මෙරට පවතින නිරෝධායන නීතිය යටතේ ඔහුට නැවතත් නිරෝධායනය වීමට සිදුවනු ඇති අතර එම හේතුන් සහ ඔහුගේ හදිසි තත්ත්වය මත නැවත මෙම තරඟාවලියට ඔහු එක්වීම අවිනිශ්චිත වනු ඇත.
ඔහුගේ අඩුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම දැඩිව දැනෙනු ඇති බවද සමහර ප්‍රේක්ෂකයන් විසින් පවසා තිබේ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි