භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට කඩිනමින් කොවිඩ්-19 එන්නත ලබා දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබා දීම අද (20) දිනයේ සිට සිදු කෙරෙනවා.
එමෙන්ම පූජ්‍ය පක්ෂයට කඩිනමින් එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව කඩිනමින් එම එන්නත් දිවයිනම ආවරණය වන පරිදි සියලුම භික්ෂූන්වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට ලබා දීමට නියමිතයි.
මෙම වැඩපිළිවෙළ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට කොවිඩ්එන්නත ලබාදීම හෙට දිනයේ ආරම්භ වීමට නියමිතයි.
More Stories
පොසොන් පොහෝ දින අද
ඔබ සැමට සුබ වෙසක් දිනයක් වේවා
වෛශාඛ වේසාඛ වෙසක්