ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතයි.
ඒ හිටපු කථානායක හා එහි සභාපති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ඇතුලූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් ඊට එක්වීමට නියමිතව තිඛෙනවා.
මෙහිදී, මානව හිමිකම් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම යන කොමිසම්වල පවතින පුරප්පාඩු හා හානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
ඊට අමතරව මුදල් කොමිසම, සීමා නිර්ණය කොමිසම, විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම විසින් ඉදිරිපත් කර ඇති කාර්තු ප්‍රගති වාර්තා ඇගයීමට ලක් කිරීමට ද නියමිතයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි