වත්මන් රජයේ රැවටිලිකාරී පාලනයට එරෙහිව රට පුරා ජනතාව දැනුවත් කිරීම සඳහා දියත් කිරීමට සැලසුම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර ලෙස බලපාන විසි වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙන ඒම, අත්තනෝමතික ලෙස සිදු කරන පරිසර විනාශය, රටේ නීතියට සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන අහිතකර බලපෑම,පුද්ගල නිදහස අහිමි කිරීම, මාධ්‍යවේදීන් බියවැද්දවීම සහ සිර ගත කිරීම, මිල පාලනයකින් තොරව කටයුතු කර ජනතාවට බර පැටවීම,
මිල සුත්‍ර අහෝසි කර, එම සහන ජනතාවට අහිමි කිරීම, අත්තනෝමතික ලෙස බදු ඉහළ නැංවීම ඇතුළු වත්මන් රජයේ රැවටිලිකාරී පාලනයට එරෙහිව ජනතාව පෙළ ගැස්වීම මෙහි අරමුණයි.
මේ අතර පසුගිය කාලයේ විවිධ අර්බුද හමුවේ දුර්වල වී තිබූ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන යාන්ත්‍රණය ද මීට සමගාවි ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගන්නා ලෙසද රුවන් විජේවර්ධන මහතා විසින් පක්ෂ ක්‍රියාකාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මීට අමතරව එක්සත් භික්ෂු පෙරමුණ හරහා රටේ නිර්මාණය වී ඇති ව්‍යවස්ථා අර්බුදයේ බරපතළකම සහ රටේ සිදුවන අපරාධ සහ ජනතා මුළා කිරීම්, නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ මහා සංඝයාවහන්සේ දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්