‘වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ පැරණි, පැවති ක්‍රියාමාර්ග ඉතා හොඳින් නැවත ක්‍රියාවට නගමින් තිබෙන බව පැහැදිලියි. වංචාව, දූෂණය, නැවත වටයකින් ඉදිරියට ගෙනෙමින් තිබෙනවා. රට බරපතළ ආර්ථික අර්බුදයක තිබියෙදී මේ තත්වයට යළි පණදීම විශේෂත්වයක්. රජයේ ආදායම අහිමි වෙමින් තිබෙනවා. 2020 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර තිබෙන ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 1555යි. නමුත් ණය සහ පොලී වාරිකය පමණක් බිලියන 1854ක් වැය වෙනවා. ඒ කියන්නේ රජයේ මුළු ආදායම ණය වාරික සහ පොලී වාරිකය ගෙවන්න ප්‍රමාණවත් නැහැ. 2021 වසරේ තිබෙන්නේ ඊටත් වඩා භයානක තත්වයක්.’
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මෙම අදහස් පළකළේ අද (22) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුව අමතමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජනතාවට අයිති වියයුතු, මහා භාණ්ඩාගාරයට අයිති වියයුතු විශාල ධනස්කන්ධයක් ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරික චෞර වළල්ලකට උපයා ගැනීම ආණ්ඩුව විසින්ම ඉඩ සලසා දී ඇති බවයි. ආනයනික සීනිවල බදු ඉවත් කිරීම ඉන් එක් ගනුදෙනුවක් පමණක් බව අනුර දිසානායක මහතා පවසනවා.
ජුනි 26 වැනිදා සීනිවලට රු. 50 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවූවා. ඔක්තෝබර් 13 වැනිදා මේ බද්ද ශත 25 දක්වා අඩු කළා. පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා මේ බද්ද අඩුකිරීමට අනුරූපීව සුදු සීනිවල උපරිම සිල්ලර මිල රු. 85 ක් සහ ආනයනකරු විකිණිය යුතු උපරිම තොග මිල රු. 80 ක් හැටියට සඳහන් කළා. ඒ වනවිට රු. 135 ට, 140 ට තිබුණු සීනි රු. 85 දක්වා අඩුවිය යුතුව තිබුණා. නමුත් දැන් සිදුවී තිබෙන්නේ ආණ්ඩුවට බද්දත් නැහැ, ජනතාවට අඩු මිලට සීනිත් නැහැ.’
‘මේ වසර අවසන් වනවිට ආසන්න වශයෙන් සීනි මෙට්‍රික් ටොන් ලක්‍ෂයක්වත් ආනයනය කරනවා. දළ වශයෙන් ගත්තොත් රු. කෝටි 1000 ක බදු ආදායමක් අහිමි වෙනවා. කොවිඩ් වසංගතය සඳහා අවශ්‍ය වන එන්නත් මිලදී ගැනීමට ලෝක බැංකුවෙන් රු. කෝටි 1000 ක (බිලියන 10) ණයක් ගන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. මේ පැත්තෙන් භාණ්ඩාගාරයට එමින් තිබුණු රු. කෝටි 1000 ක් තමන්ගේ චෞර ව්‍යපාපාරික වළල්ලකට අයථා ලෙස ඉපැයීමට ඉඩකඩ ලබා දෙනවා.’
‘එයින් ප්‍රධාන ආයතනයක් තමයි විල්මා ආයතනය. මේ ආයතනය මේ වනවිටත් සීනි මෙට්‍රික් ටොන් ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා. ෂැංග්‍රිලා එකේ අයිතිකරු සජාන් මවුසූන් වියත්මගට විවිධ පහසුකම් සපයමින් ක්‍රියා කළ කෙනෙක්. විල්මා ආයතනය අයිතිකරු ඔහුයි. ඔහුගේ අතිරේක ලාභයට විශාල මුදලක් ලබා දෙමින් ජනතාවට සහන අහිමි කරනවා. සීනි විතරක් නෙවෙයි, පහුගිය ජූනි මස 26වැනිදා ගැසට් නිවේදනයකින් පොල්තෙල් ආනයනය කිරීමේ බදු සම්බන්ධ ගැසට් එකකින් පොල්තෙල් ආනයනය කිරීමේ බද්ද කිලෝ එකකට රු. 150ක් නියම කළා. එම ගැසට් එක වෙනුවට ජූලි මාසේ 10වැනිදා කිලෝග්‍රෑම් එකකින් රු. 25ක් අඩුකර බද්දක් නියම කළා. දෙසැම්බර් මස 14වැනිදා නැවත ගැසට් නිවේදනයකින් බද්ද රු. 125ක් කළා. දෙසැම්බර් 14වැනිදා විල්මා ආයතනයෙන් පොල් තෙල් මෙ.ටොන් 7,000ක් කොළඹ වරායට ගෙනාවා. ඒ වෙනුවෙන් බදු ගෙව්වේ කිලෝ එකකට රු.100 බැගින්. මේ ආයතනයට කිලෝ ග්‍රෑම් එකකින් රු. 25ක අතිරේක බදු ලාභයක් උපයා ගන්න ඉඩ දීලා 15වැනිදා සිට නැවත රු.25කින් බද්ද වැඩිකළා. දෙසැම්බර් 14 වැනිදා තුන් දෙනෙක් පොල්තෙල් ආනයනය කළා. දෙන්නෙක් කුඩා පරිමාණයේ අය. විල්මා ආයතනය ප්‍රධාන ආනයනකරුවා හැටියට මෙ.ටොන්. 7,000ක් ආනයනය කර දළ වශයෙන් ගැසට් සෙල්ලම හරහා මිලියන 175ක අතිරේක ලාභයක් උපයා ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා.’
‘කොළඹ වරාය නැගෙනහිර ජැටිය අදානි සමාගමට විකිණීම ගැන විශාල සාකච්ඡාවක් තියෙනවා. අදානි සමාගම ප්‍රධාන ව්‍යාපාර හවුල්කරුවෙක් විල්මා ආයතනය. වෙබ් අඩවිවල මේ සම්බන්ධතාවය අදානි-විල්මා යනුවෙන් පැහැදිලිව සඳහන් වෙනවා. අදානි සමාගමට වරාය දෙනවා කියන එක ඇතුළේ තියෙන්නේ විල්මා සමාගම. බොහෝ ව්‍යාපාරවල හවුල්කරුවා හැටියට අදානි-විල්මා ඒකාබද්ධ සමාගමක් හැටියට ක්‍රියා කරමින් තිබෙනවා. සීනි ආනයන බදු, පොල්තෙල් ආනයන බදු උස්පහත් කිරීම හරහා වගේම කොළඹ වරාය පැවරීම හරහා ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා හවුල්කරුවෙක් කරගෙන තියෙන්නේ විල්මා ආයතනය. අපි ඉදිරියේදී මේ ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. විශාල වශයෙන් වසංගතය පැතිරී යන වෙලාවක ඖෂධ ආනයනය කරන්න සල්ලි නැති රටක, ණය පොලී වාරික ගෙවන්න රජයේ ආදායම ප්‍රමාණවත් නැති වෙලාවක ආණ්ඩුව මහජනයාගේ ධනය තමන්ගේ චෞර වළල්ලට රිසි සේ කොල්ල කන්න ඉඩ සලසා දී තිබෙනවා.’
‘පහුගිය බදාදා මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම එහි අරමුණයි. අපේ රටේ විදුලිය, ජලය, ඛනිජ තෙල් ඒකාධිකාරිය ප්‍රධාන වශයෙන්ම රජය සතු වෙනවා. අයි.ඕ.සී. සමාගමේ තෙල් බෙදාහැරීම රජයේ පංගුවට වඩා අඩුයි. රජය සතු සමාගම් තෙල් ජලය සහ විදුලිය ජනතාවට සපයමින් තිබෙනවා. මෙම ආයතන තුළ සිද්ධ වෙන මහා පරිමාණ වංචා-දූෂණ නිසා විශාල බරක් ජනතාව මත පැටවෙමින් තිබෙනවා. දූෂණයන් හරහා මිල ඉහළ යාම පාරිභෝගික ජනතාව මත පැටවෙමින් තිබීම පාලනය කළේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවයි.’
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්