පිළිවෙළක් නැති වැඩ තුලින් ජනතාව පීඩාවට පත් නොකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ දී කියා සිටියේය.
තන්තිරිමලේ රජමහා විහාරයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, උතුරු නැගෙනහිර දෙපලාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාදය ලබාගත් අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.
නිසි වැඩපිලිවෙලක් නැතිව බස්නාහිර පළාත විවෘත කළ බවත් ඒ අනුව රටේ සිව් දෙසින් ගොවි ජනතාව ඇතුලු පිරිස් සිය අස්වැන්න රැගෙන කොළඹ ආ බවත් ,එහෙත් කොළඹදී ඒ ජනතාව දැඩි අසීරුතාවට පත්වූ බවත් ඒ මහතා කීය.
පාර්ලිමේන්තුවට නිරෝධායන නීති වලංගු නැතැයි කියන සෞඛ්‍ය අමාත්‍යවරියක් මෙරට සිටින බවත් එක රටක් එක නීතියක් කියා බලය ගත්තාට එය පුහු වචනයක් පමණක් බවත් ඒ මහතා කීය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි