පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදය පවත්වන මේ දිනවල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 80 ක් බැඟින් වත් අනිවාර්යයෙන් සභාවේ සිටිය යුතු බවට නියම කර ඇත.
ඒ අනුව කාරක සභා විවාදය පැවැත්වෙන ඒ ඒ දිනවල සභාවේ සිටිය යුතු මන්ත්‍රීවරු නම් වශයෙන් සඳහන් කර ඔවුනට ලිඛිතව බරදී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් කීය.
මෙලෙස මන්ත්‍රීවරුන් දින නියම කර ලබාදිමෙන් ඔවුන්ට තම අමාත්‍යංශවල හා දිස්ත්‍රික් මට්ටමේ කටයුතුවලට අවස්ථාව ලැබෙන බව ද ඔහු සඳහන් කළේය.
බොහෝවිට කාරක සභා විවාදය පවතින විට විවාදය සහභාගී වන මන්ත්‍රීවරු පමණක් සභාවේ රැඳී සිටිමේ තත්ත්වය වෙනස් කිරීමට මෙම පියවර ගත් බව ද ඔහු කීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්