20 සංශෝධනය මූලික කරගෙන ආණ්ඩුව ඇතුළත පැවති ප්රතිවිරෝධතාවන් මේ වන විට පුපුරා ගොස් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරනවා.
ආණ්ඩුව තුල පැවති විරෝධතා කිනම් හෝ වෙලාවක පුපුරා යාමට නියමිත තිබුණද මෙතරම් ඉක්මනට පුපුරා යයි කියා තමන් ද විශ්වාස නොකළ බව ඒ මහතා කියා සිටියේය.
ඉදිරියේදී ඇතිවන ආර්ථික අර්බුදයන් ඔස්සේ තවදුරටත් මෙය දේශපාලන අර්බුදයක් බවට පත්වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම දේශපාලන අච්චාරුවක් බවත් වැඩිපුරම ඇමරිකානු හිතවාදීන් සිටින්නේ ද මෙහි බවත් ඔහු පෙන්වා දෙයි.
අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්