රටේ ජනතාවගේ විනය හැදීමට නායකත්ව ලක්ෂණ වර්ධනය කිරීමට හමුදා පුහුණුවක් අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා. නායකත්ව පුහුණුව පිළිබඳව පවසමින් ආණ්ඩුව මේ සූදානම් වන්නේ සියලු දෙනාට මිලිටරි පුහුණුවක් ලබා දී රටම මිලිටරිකරණය කිරීමට බවයි මන්ත්‍රීවරයා පවසන්නේ
මෙය හමුදා පාලනයක ලක්ෂණයක් බවයි පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පෙන්වා දුන්නේ.
ආණ්ඩුවේ ඉහළ තනතුරුවලට, අමාත්‍යංශවලට, දිස්ත්‍රික්කවලට හමුදා ප්‍රධානීන් පත් කිරීමෙන් නොනැවතී දැන් රටම මිලිටරිකරණය කිරීමට සූදානම් වන බවද මනුෂ නානායක්කාර මහතා පවසනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට