ආණ්ඩු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරු 06 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවට වන යෝජනාවක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මීට සති 03 කට ඉහතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට හා හදිසියේ පැවැත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවට ද අදහස් ඉදිරිපත් වූ බවයි වාර්තා වුණේ.
ඒ අනුව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අවසාන තීරණයක් එහිදී ගැනීමටයි යෝජනා වී ඇත්තේ.
මේ අතර, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ පැවති ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සන්සෝදනයක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි