ආදරය හමුවේ රජ සැප අත්හැර සාමාන්‍ය පුද්ගලයෙක් ව විවාහ කරගත් ජපාන කුමරිය එරටින් පිටව ගියාය.
සාමාන්‍ය පුද්ගලයකු සමඟ විවාහවීමෙන් පසු ඇයගේ රාජකීය තත්ත්වය අහිමි විය.
රාජකීය පවුල ප්‍රතික්ෂේප කරමින් විවාහ වූ ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ මිණිපිරිය මාකෝ කුමරිය හා කෙයි කොමුරෝ අමෙරිකාවේ පදිංචියට පිටත්ව ගොස් තිබේ.
මෙම යුවළ ඉරිදා උදෑසන ටෝකියෝ හි හනේඩා ගුවන්තොටුපොළෙන් පිටත්ව ගිය බවත් ඔවුන් නිව්යෝර්ක් හි මහල් නිවාසයක් කුලියට ගැනීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
ජපානයේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ජපාන රාජකීය පවුලේ කාන්තාවක් සාමාන්‍ය පුද්ගලයෙක් විවාහ කර ගැනීමෙන් පසු සාමාන්‍ය වැසියෙක් බවට පත් වේ.
එවිට අමෙරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් ලැබෙන ලබන අතර, මාකෝ එය ද පසුගිය දා ප්‍රතික්ෂේප කළාය.
රාජකීය පවුල සහ මුදල ප්‍රතික්ෂේප කළ රාජකීය පවුලේ පළමු කාන්තා සාමාජිකාව ඇයයි.
ජපන් ඉතිහාසයේ ප්‍රථම වරට ජපන් රජ පවුලේ කුමරියක් සාමාන්‍ය වැසියෙකු විවාහ වුණේ 2005 වසරේදීය.
ඒ මාකෝ කුමරියගේ නැන්දණිය වන සයාකෝ කුමරියයි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ