ආදායම් අහිමි වීම හේතුවෙන් දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු මෙරට සියලු සත්වෝද්‍යාන දැඩි අර්බුධයට පත්ව ඇති බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පවතින තත්තවය පිළිබඳ අවදානය යොමුකරමින් කොවිඩ් -19 මාර්ගෝපදේශ යටතේ එළඹෙන සතියේ සිට සත්වෝද්‍යාන විවෘත කිරිමට අපේක්ෂා කරන බවය.
“මේකේ ආදායම අහිමිවෙලා තියෙන්නේ. සත්තුන්ට කෑම දෙන වියදමවත් හොයා ගන්න බෑ දැන්. ඒ නිසා ලබන සඳුදාට අපි මේක විවෘත කරනවා. ඇතුළු කරන්නේ සෞඛ්‍ය විදිවිධාන අනුව. ඒ වගේම එන්නත ලබාගෙන ඇති අයව තමයි අපි ඇතුළු කර ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේක වහගෙන ඉන්නත් බෑ. අපි දන්නේ නෑ කොවිඩ් වසංගතය ඉවරවෙන්නේ කියලා. රිදීගම සෆාරි එකත් අපි විවෘත කරනවා.“
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට