කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ආදායම් නොැමති වීම හේතුවෙන් කුරුණෑගල නගරයේ ආපන ශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක් මේවනවිට වසා දමා ඇති බව වාර්තාවේ.
මේ ආකාරයට වසා දමා ඇති ව්‍යාපාරික ස්ථාන අතරට කුරුණෑගල නගරයේ පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ස්ථාන කීපයක්ම තිබේ.
කුරුණෑගල පවතින කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන ජනතාව කුරුණෑගල නගරයට පැමිණීමෙන් වැළැකීම හේතුවෙන් ව්‍යාපාර අඩපණව ඇති බව ව්‍යාපාරිකයන් පෙන්වා දෙති.
මෙම තත්ත්වය හමුවේ ආදායම් අඩු වීමෙන් සේවක පඩිනඩි ඇතුළු වියදම් පියවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් තම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තීරණය කළ බව එම ව්‍යාපාරිකයෝ පැවසූහ.
පවතින කොරෝනා අවදානම හේතුවෙන් මේ දිනවල කුරුණෑගල නගරයේ ගැවසෙන ජනතාව ඉතා අවම මට්ටමක පවතී.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති