ගෑස්මිල ඉහළයෑම හේතුවෙන් මෘතදේහ ආදාහනය කිරීමේ ගාස්තු ඉහළ දැමීමට කුලියාපිටිය නගර සභාව තීරණය කර තිබෙනවා.
වෙළෙඳපොළේ ගෑස්මිල ඉහළයෑමත් සමඟ එහි පාඩුව නගර සභාවට දරාගත නොහැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව කුලියාපිටිය නාගරික හා ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා මෘත දේහයක් ආදාහනය කිරීම වෙනුවෙන් අයකළ රුපියල් 8000 ගාස්තුව රුපියල් දස දහසක් දක්වා ඉහළ දමා තිබෙනවා.
එම බලප්‍රදේශයෙන් බැහැර පුද්ගලයන්ගේ මෘත දේහයක් ආදාහනය කිරීමට මීට පෙර ලබාගත් රුපියල් 9000 මුදල රුපියල් එකොලොස් දහස දක්වා ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට