ගාල්ල – දෙද්දූගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියදී කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයාගේ සිරුර ආදාහනය නොකර ශීතාගාරයක තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ අද (21) නියෝග කළා.
ඇය මෙම නියෝගය ලබා දුන්නේ එම මරණය අධිකරණ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත කොරෝනා මරණයක් බවට තීරණය කිරීමෙන් පසුව ආදාහනය කිරීම සඳහා යොමු කරන බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දු කිරීමෙන් පසු, ඊට එරෙහිව ඥාතීන් ගොනුකළ පැමිණිල්ල විභාගයට ගැනීමෙන් අනතුරුවයි.
84 හැවිරිදි මොහු කොරෝනා ආසාදිතව කරන්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබා පසුගිය 17 වනදා නිවසට පැමිණ සිටියදී පෙරේදා මියගොස් තිබෙනවා.
සිරුර කරාපිටිය රෝහලට ගෙනගොස් ඇති අතර එහිදී පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු සිරුර ආදාහනය කරන ලෙසට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇති බවයි පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ.
මියගිය අයගේ පුතෙකු සිරුර බාරගෙන නොමැති අතර ඔහුගේ තවත් පුතෙකු පැමිණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නියෝගය අනුව සිරුර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණයක තැන්පත් කරන ලෙස ඉල්ලා සිටි බවද පොලිසිය සඳහන් කළා.
එහෙත් එය අවදානම් තත්වයක් විය හැකි අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ එම පහසුකම් නොමැති බැවින් එම මළ සිරුර සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටියේ.
මෙහිදී මියගිය පුද්ගලයාගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කියා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට පෙර එය කොරෝනා මරණයක් ලෙස තීරණය කර ඇති බවයි.
මෙය අර්බුදකාරි තතත්වයක් බැවින් කොවිඞ් ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මරණ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව තිරණය කිරීම සඳහා රජය විසින් පත් කර ඇති කමිටුවේ තීරණය ලැබෙනතෙක් මෙම සිරුර කරාපිටිය රෝහලේ අධි ශිතකරණයේ තැන්පත් කරන ලෙස නිතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ රජය පත් කළ කමිටුවේ තීරණය ලැබෙනතුරු මෙම මළ සිරුර කරාපිටිය රෝහලේ අධි ශිතකරණයක තැන්පත් කරන ලෙසටයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉස්ලාම් විද්වතෙකු වන මව්ලවි අන්වර් හකම්දීන් කියා සිටියේ කොරෝනා ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ ආදාහන සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විද්වතුන් ලබාදෙන නිගමනයන්ට තමන් එකඟත්වය පළ කරන බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්