රජය ආනයන තහනමක් පනවා තිබියදී කර්මාන්ත අමාත්‍යාංශය මගින් ටයිල් උපාංග සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව එම සමාගම ටයිල් ආනයනය කර තිබේ. කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්යක්ෂ (සංවර්ධන අංශ II) එස්.එම්. අශෝක කුමාරගේ අත්සනින් 2021 ජනවාරි 07 වැනිදා නිකුත් කරන ලද නියෝගයක් මගින් ටයිල් උපාංග සහ අමුද්‍රව්‍ය මෙරට ගෙන්වීමට අවසර ලබා දී ඇත්තේ ඇල්ට්‍රා රූෆින් ලංකා (පෞද්ගලික) සමාගම (ultra reoring lanka (pvt) ltd) නමැති ආයතනයකටය.
2020 අප්‍රේල් 16 වැනිදා මුදල් අමාත්‍යාංශය නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් තහනම් කර ඇති ටයිල් උපාංග සහ අමුද්‍රව්‍ය ආනයනය සඳහා මෙලෙස අවසර ලබා දී ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 51,408කි (රුපියල් 9767500කි).
අදාළ සමාගමට මෙම භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබා දෙන ලෙස අධ්යක්ෂවරයා රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.
අල්ට්රා රූෆින් ලංකා නමැති සමාගම ටයිල් උපාංග සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ අවසර පත්‍රයක් මත මෙම ටයිල් ආනයනය කර ඇති අතර එහි වටිනාකම මිලියන 9.7 කට වැඩි ප්රමාණයකි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමග අදාල ටයිල් තොගය රජය භාරයට ගැනීමට පියවර ගෙන තිබිණි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්