කොවිඩ් – 19 වසංගත තත්ත්වය පදනම් කරගනිමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් තවදුරටත් සාවද්‍ය ලෙස සීමා කිරීමක් බව සමගි ජන බලවේගය පවසනවා.
ඒ අනුව ප්‍රකාශයට පත් කළ බව පැවසෙන හදිසි තත්ත්වය වහා අවලංගු කර වසංගත තත්ත්වය සම්බන්ධයෙන් යටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ආපදා කළමනාකරණ ජාතික සභාව පිහිටුවීමට ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත ප්‍රකාරව කටයුතු කරන ලෙස සමගි ජන බලවේගය ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව