රටපුරා හෝටල් සහ ආපනශාලාවලින් සියයට අසූවක් පමණ මේවනවිට වැසීගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.
ඔහු මේ බව සඳහන් කලේ අරුණ වෙබ් අඩවිය කල විමසීමකදී.
ජනතාව හෝටල් සහ ආපනශාලා වලින් ආහාර ගැනීම සියයට 50කින් පමණ අඩු වී ඇති බවත් හෝටල් සහ ආපන ශාලාවලට පැමිණ වතුර වීදුරුවක් බී කෑම දිහා බලා යන ජනතාව අද දවසේ වැඩිවී ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කලේ.
පවතින තත්වය යටතේ හෝටල් සේවකයන් රැසක් ඒ රැකියා අතහැර කුලී වැඩ සඳහා ගොස් ඇති බවත් හෝටල් සහ ආපනශාලා සඳහා සේවකයන් සොයාගැනීමද මේනිසා දුෂ්කරවී ඇති බවත් සභාපතිවරයා පවසනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්