දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා වසරකට කංසා කිලෝග්‍රෑම් 500ක් පමණ ප්‍රමාණවත් බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන පැවසීය.
ඒ අනුව 2019 වසරේදී පමණක් දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා වැය වී ඇති කංසා ප්‍රමාණය කිලෝග්‍රෑම් 224කි. ඉන් නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථාවට කිලෝග්‍රෑම් 212ක් සහ ලියාපදිංචි වෛද්‍යවරුන් සහ ඖෂධ නිෂ්පාදකයන්ට කිලෝග්‍රෑම් 11ක් වැය වී තිබේ.
ඒ අනුව දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා වසරකට කංසාවල දැඩි අවශ්‍යතාවයක් නොමැති නිසාම නීති විරෝධී කංසා වගාවන් ගිනි තබා විනාශ කිරීම කිසිදු ගැටලුවක් නොමැති බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.
එමෙන්ම කුමණ රක්ෂිතයේ රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා හේනක් වටලා ටොන් එකහමාරක් පමණ වූ ගංජා තොගයක් ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබා දීමට පසුගියදා කටයුතු කළද ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවද හෙතෙම කිවේය.
කොපමණ කංසා ප්‍රමාණයක් ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලැබුණද වසරකට අවශ්‍ය වන්නේ කිලෝග්‍රෑම් 500ක් බැවින් ඉතිරි සියල්ලම සංස්ථාව තුළම දිරාපත් වී යන බවත් ඉන් පසු ඒවා විනාශ කර දමන බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්