ඇමරිකාව මෑතකදී නිකුත් කළ ඊනියා “නව රෙගුලාසිය”ට දැඩි විරෝධය පළ කරන බව චීනය ප්‍රකාශ කරයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
ඇමරිකාව මෑතකදී නිකුත් කළ ඊනියා “නව රෙගුලාසිය”යනු “ඇමරිකානු මාදිලියේ ආරක්ෂණවාදයේ” යාවත්කාලීන සංස්කරණයක් වන අතර චීනය එයට ස්ථීර ලෙසම විරෝධය පළ කරන බව හෙතෙම පැවසීය.
වෙළඳ තීරු බදු, විශේෂයෙන් චීන විදුලි වාහන කෙරෙහි තීරු බදු ඉහළ නැංවීම පිළිබඳව සලකා බලන බව බයිඩෙන් පරිපාලනය පවසා ඇත.
ඒ පිළිබඳව Wang Wenbin මහතා පැවසුවේ, ඇමරිකාව විසින් ගනු ලබන අදාළ ක්‍රියාමාර්ග, ආරක්ෂණවාදයේ මුවාවෙන් “ඇමරිකාව පළමුව” යන්න අනුගමනය කිරීමක් වන බවයි. එය වෙළඳපොල ආර්ථිකය හා සාධාරණ තරඟකාරිත්ව මූලධර්මයට විරුද්ධ වන අතර ගෝලීය කර්මාන්තදාමවලට හා සැපයුම්දාමවලට ද තර්ජනයක් වන බව Wang Wenbin මහතා එහිදී කියාසිටියේය. එසේම එම ක්‍රියාමාර්ග ලෝක වෙළඳ සංවිධානයේ වඩාත්ම හිතකර-වාර්ගික සැලකීම සහ වාර්ගිකත්වයේ සැලකීම යනාදී මූලධර්ම උල්ලංඝනය කිරීමක් ද වන බව ද හෙතෙම පැවසීය.
එය යෝජනා වූ සැණින් ඇමරිකාවේ යුරෝපීය සන්ධාන රටවල් ඇතුළු බොහෝ රටවල් ද එයට දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි ද Wang Wenbin මහතා සඳහන් කර ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි