2022 අයවැය දෙවන වර කියැවීමේ විවාදයේ තුන්වන දිනය අද නිමාවට පත්වුණා.
අද දිනයේ විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ කොවිඩ් වසංගතයේ අවදානම මැද මෙවර සෞඛ්‍යයට වෙන් කර ඇති මුදල, පෙර වසරට සාපේක්ෂව අඩු අගයක් බවයි.
ඔහු කියා සිටියේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත යුතු බවයි.
කෙසේ වෙතත්, ඊට බාධා කරමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, එසේ වුවහොත් ඔවුන්ගේ කොන්දේසි වලට යටත් වීමට සිදුවන බවයි.
මේ, ඔවුන් දෙදෙනා අතර ඇතිවූ සංවාදයයි.
කෙසේ වෙතත්, ඉදිරි කාලයේදී රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්