ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ සහයෝගය සහිතව පිරිනමනු ලබන ආර්ථික විද්‍යාව පශ්චාද් උපාධි පාඨමාලාවෙහි සිසුන් පිළිගැනීම ඊයේ (02) සිදු විය. ආර්ථික විද්‍යාව විෂයේ වටිනාකම සහ ජාත්‍යන්තරය වෙත දේශීය අධ්‍යාපන අවස්ථා විවර කිරීමේ වටිනාකම ඇතුළු උපාධි පාඨමාලාවේ ප්‍රායෝගික වටිනාකම පිළිබඳව ද මෙහිදී අවධානයට යොමු විය. ඒ අනුව පළමු ජාත්‍යන්තර ශිෂ්‍ය කණ්ඩායම ලෙස චීන සිසුන් 63 දෙනෙකු මෙම පශ්චාත් උපාධි පාඨමාලාව සමග එක් වී ඇත.
ජාතික විශ්වවිද්‍යාලයක් වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය පිරිනමනු ලබන මෙම පශ්චාත් උපාධි පාඨමාලාව දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රවණතා, අත්දැකීම්සහ නව දැනුම ගවේශනයට මෙමගින් අවස්ථාව උදා වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ මහතා, මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේකඛාධිකාරී ඒ.බී. වැලිවිට මහතා, ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේආචාර්ය මණ්ඩලය සහ උපාධි පාඨමාලාව හදාරන සිසුන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
ආර්ථික විද්‍යාව පශ්චාත් උපාධිය හැදැරීමට චීන සිසුන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති