ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් ආරම්භ වෙන ඩයලොග් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (12 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
තරගාවලිය ආරම්භ කරමින් දසුන් ශානකගේ ග්‍රේස් කණ්ඩායම අශාන් ප්‍රියන්ජන්ගේ ග්‍රීන්ස් කණ්ඩායම ප.ව. 2.30ටත්, ධනංජය ද සිල්වාගේ බ්ලූස් කණ්ඩායම දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් කණ්ඩායම රාත්‍රී 7.00ටත් අද (12 වැනිදා) තරග වැදීමට සූදානමින් සිටී.
කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් සචිඳු කොළඹගේ, නිමේෂ් විමුක්ති සහ මොහොමඩ් ශිරාස්ට අදාළ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි විය. තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් සඳුන් වීරක්කොඩි, ජෙහාන් ඩැනියෙල්, සංගීත් කුරේ, කොෂාන් ජයවික්‍රම, ළහිරු ගමගේ, අශාන් රන්දික සහ ලසිත් ඇඹුල්දෙණියටද මෙම තරගාවලිය අහිමි වී ඇත.
එම ක්‍රීඩකයින්ගේ ඉවත් වීමත් සමගින් ඒ ඒ කණ්ඩායම් සඳහා ඇතුළත් ක්‍රීඩකයින්ගේ යම් වෙනසක් සිදු වී තිබේ. ඒ අනුව බ්ලුස් කණ්ඩායමට ඇතුළත්ව සිටි හිමාෂ ලියනගේ ග්‍රේස් කණ්ඩායමටත්, ග්‍රීන්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි කමිල් මිෂාර ග්‍රේස් කණ්ඩායමටත්, ග්‍රේස් කණ්ඩායමට ඇතුළත්ව සිටි ප්‍රභාත් ජයසූරිය රෙඩ්ස් කණ්ඩායමටත් වශයෙන් සහභාගීත්වය වෙනස් කර ඇත.
මීට අමතරව වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීරව මෙම තරගාවලියෙන් විවේක ගන්වා තිබෙන අතර ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් ග්‍රේස් පිලේ භානුක රාජපක්ෂට මෙම තරගාවලිය අහිමි වී තිබේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න මෙම තරගාවලියට ඇතුළත්ව නොතිබීම විශේෂත්වයකි.
අද (12 වැනිදා) සිට දවසක් ඇර දවසක් පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය ප.ව. 2.30ටත් දෙවැනි තරගය රාත්‍රී 7.00ටත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී එක් කණ්ඩායමකට මූලික වටයේදී තරග 6 බැගින් හිමිවන අතර එයින් වැඩිම ප්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් දෙක ලබන 24 වැනිදා රාත්‍රි 7.00ට අවසන් මහා තරගයේදී තරග වඳිනු ඇත. ඉදිරියේදී පැවැත්වෙන දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ ඩුබායිහිදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් වශයෙන් පවත්වනු ලබන මෙම තරගාවලියට ශ්‍රී ලංකා ජාතික සහ පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්