ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන ලෙස බස්රථ සේවකයන්ගෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව යළිත් ඉල්ලීමක් කරනවා.
එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් අනුව රාජකාරි සිදු කළ යුතු බවයි එහි සභාපති නිලාන් මිරැන්ඩෝ මහතා වී එෆ් එම් ප්රවෘත්ති සමග කියා සිටියේ.
ඒ අනුව නීතියට පරිබාහිරව කටයුතු කරන බස්රථ සේවකයින් සම්බන්ධයෙන් 19 55 හෝ ක්ෂණික දුරකථන අංකයට හෝ මයි බස් එස් එල් වෙබ් අඩවිය ඔස්සේද මගීන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ