ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාධිතයන් අතුරින් තවත් 879 දෙනෙකු සුවය ලබා තිඛෙනවා.
ඒ අනුව මෙරට කොවිඩ් ආසාධිතයන් අතුරින් මේ දක්වා සුවය ලබා ඇති මුලු ගණන 56 දහස් 277 දක්වා ඉහළ යනු ඇති.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5863 ක්.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 859 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාධිතයන් ගණන පවතින්නේ 62 දහස් 445 ක් ලෙසයි.
මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර පොකුරුවලින් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 58 දහස් 489 ක්. මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 566 ක්.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් ආසාධිත මරණ 305 ක් වාර්තා වී තිඛෙනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව