අග්නිදිග ආසියානු රාජ්ය නායකයන්ගේ එකමුතුව හෙවත් ‘ආසියාන්’ සමුළුව යළිත් වරක් ඇමෙරිකාව එක් කරමින්, ජෝ බයිඩන් ඊට සහභාගී විය. සමුළුව පැවැත්වූයේ විඩියෝ තාක්ෂණය ඔස්සේය.
‘ආසියාන්’ සමුළුවට අග්නිදිග කලාපීය ආසියානු රටවල් 10 ක් හවුල් වී සිටී. ඇමෙරිකාව සමුළුවට එක්වන්නේ එම රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෝක බලවතා ලෙසය.
කෙසේ නමුත් 2017 වසරේ මැනිලා නුවර පැවැති ආසියානු සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව බයිඩන්ට පෙර ඇමෙරිකා ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඩ් ට්රම්ප්, ‘ආසියාන්’ හවුලෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේය.
‘ආසියාන්’ සමුළුවට අයත් රටවල් වන්නේ බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමයයි.
ඇමෙරිකාව යළි ‘ආසියාන්’ සමුළුවට සම්බන්ධ කළ යුතු බව බයිඩන් පරිපාලනයේ අදහස විය. ඊයේ (26) ආරම්භ වුණු තෙදින වීඩියෝ සමුළුවට බයිඩන් සම්බන්ධ වූයේ ඒ අනුවය.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්රතිලාභයට හානි වේ