ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ රටවල් 40 ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික සභාරැස්විම පැවැත්විමට නියමිතයි.
මෙම හමුව ලබන 19 වැනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වේ.
ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සදහන් කරයි.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) මහා සභා රැස්වීම පිළිබඳ මූලික සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ජේ ෂා අතර නවදිල්ලි නුවරදී පසුගිය සතියේ පැවැත්විණි.
වාර්ෂික මහ සභා රැස්විමට ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, මැලේසියාව ඇතුළු රටවල් 40 ක නියෝජිතයින් සහභාගී වනු ඇත.
ඉන්දියාව නියෝජනය කරමින් BCCI හි ලේකම් Jay Shah සහ සභාපති Sourav Ganguly සහභාගී වීමට නියමිතය.
2022 ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්