ආසියානු කුසලාන 20-20 ක‍්‍රිකට් තරඟාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා.
ආසියානු ක‍්‍රිකට් කවුන්සිලය විසින් එම කාලසටහන නිකුත් කර ඇති අතර එළඹෙන, අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා තරඟාවලිය පැවැත්වීමට නියමිතයි.
මෙහි පළමු තරඟය ශ‍්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමටයි තරඟ සංවිධායකයන් කටයුතු සූදානම් කර ඇත්තේ.
ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ක‍්‍රිකට් තරඟාවලිය පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන ගොස් තිබෙන අතර සාජා සහ ඩුබායිහි දී තරඟ පැවැත්වීමට නියමිත බව සඳහන්.

More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්