ආසියානු ඔලිම්පික් කවුන්සලය හා Hangzhou නගරයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව මෙවර ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් අද(8) පැවැත්විය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝක වාර්තා 15ක්, ආසියානු වාර්තා 37ක් සමගින් ආසියානු ක්‍රීඩා උළෙලේදී මීට පෙර පිහිට වූ වාර්තා 170ක් බිඳීමට සමත් වූ බව එම මාධ්‍ය හමුවේදී සඳහන් විය.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී චීනය රන් පදක්කම් 201ක්, රිදී පදක්කම් 111ක් සමගින් ලෝකඩ පදක්කම් 71ක් ඇතුළුව පදක්කම් 383ක් ලබා ගෙන ක්‍රීඩා උළෙලේ වැඩිම පදක්කම්ලාභී රට බවට පත්විය. මෙවර චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ගත් රන් පදක්කම් ප්‍රමාණය 2010 වසරේ Guangzhou නගරයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී ලබා ගත් රන් පදක්කම් 199 ද ඉක්මවා ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කිරීම විශේෂත්වයකි.

More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්