වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාර්ජාහ් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද උදෑසන ආරම්භ වුණා.
තරගය පැවැත්වෙන්නේ කුවේට් රාජ්‍යය සමගයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවාර 11 කදී කිසිවෙකුත් නොදැවී ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 68 ක්.
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි චමිදු වික්‍රමසිංහ ලකුණූ 40 ක් හා ශෙවෝන් ඩැනියල් ලකුණූ 21 ක් රැස් කර සිටිනවා.
අද ආරම්භ වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය මෙමස 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි