මෙම වසරෙ පැවැත්විමට තිබු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021 ජුනි දක්වා කල් දමන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය අද (09) දන්වා සිටියා.ඒ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සමාජිකයන් අතර අන්තර්ජාල හරහා පැවති හමුවෙන් පසුවයි.
මුල්දි 2020 වසරෙ තරගාවලිය පැවැත්විමට සැලසුම් කර තිබුනෙ පාකිස්තානයයේ සත්කාරකත්වයෙන්.පසුව කොරොනා උවදුරත් සමග එය ශ්‍රී ලංකාවට හිමි වුනා.අද ගනු ලැබු තීරණය අනුව 2021 ජුනි මාසයෙ තරගාවලිය ශ්‍රී ලංකාවෙදි පැවැත්විමට නියමිතයි.2022 තරගාවලියෙ සත්කාරය දරන්නෙ පාකිස්තානයයි.අවසන් වරට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ 2018 පැවැති තරගාවලියෙ ජයගත්තෙ ඉන්දියානු කණ්ඩායමයි.

*චානක අරවින්ද
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි