ආසියානු චෙස් සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ආසියානු මහාද්වීපික චෙස් ශූරතාවලිය 2021 සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෝ සිවුදෙනෙක් එක් වෙති.
ආනන්ද විද්‍යාලයේ ජාතික චෙස් ශූර රනිඳු දිල්ෂාන් ලියනගේගේ නායකත්වයෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට රාජකීය විද්‍යාලයේ මිනූල් සංජුල දොලුවීර, නාලන්දා විද්‍යාලයේ එල්.එම්.එස්.ටී. ද සිල්වා සහ ආනන්ද විද්‍යාලයේ තීක්ෂන් දෙනුවන් එක්වන අතර, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඊයේ (20) ආරම්භ වූ මේ තරගාවලිය මේ මස 30 වැනිදා දක්වා පැවත්වීමට නියමිතය.
සෑම දිනකම පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා තරග පැවැත්වෙන අතර, ස්විස් ක්‍රමයට අනුව වට 9කින් පවත්වන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් එයින්හි පිහිටි ආසියානු චෙස් සම්මේලන මූලස්ථානයෙන් මෙහෙයවනු ලැබේ.
මේ තරගාවලියට රටවල් 16කින් ක්‍රීඩකයන් 80ක් එක්වන අතර, සහභාගී වන සියලු රටවල් අදාළ රටෙහි ප්‍රධාන විනිසුරුවරයෙක් සහ සහායක විනිසුරුවරයකු සමඟ එකම ස්ථානයක සිට තරග කිරීමට නියමිතය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නුගේගොඩ, ශ්‍රී ලංකා චෙස් සම්මේලන මූලස්ථානයේ සිට මේ තරගාවලිය ක්‍රීඩා කරයි.
ආසියානු චෙස් සම්මේලනය විසින් ජයග්‍රාහකයන් සඳහා අමෙරිකානු ඩොලර් 16,000ක් මුදලක් මුදල් ත්‍යාග ලෙස පිරිනැමීමට සැලසුම් කර ඇති අතර, එළැඹෙන ජූලි මස 15 සිට රුසියාවේ පැවැත්වීමට නියමිත FIDE චෙස් ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට මේ තරගාවලියෙන් මුල් 8 දෙනා අතරට පැමිණෙන ක්‍රීඩකයන් සුදුසුකම් ලබනු ඇත.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්