ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩාවෙන් පදක්කම් දෙකක් හා පිහිණුම් ක්‍රීඩාවෙන් පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
S-9 කාණ්ඩයේ මීටර් 400 කාන්තා නිදහස් ආර පිහිණුම් ඉසව්වෙන් ගැලීනා බස්නායක, රන් පදක්කම හිමිකරගනු ලැබුවා.
S-10 කාණ්ඩයේ නිදහස් ආර පිහිණුම් ඉසව්වෙන් නවීඩ් රෂීන්ට, ලෝකඩ පදක්කම හිමි වුණා.
ජේසන් ජයවර්ධන F-40 කාණ්ඩයේ යගුලිය විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම හිමි කරගනු ලැබුවා.
ජේසන් ජයවර්ධන වයස 17 න් පහළ කාණ්ඩයේ ක්‍රීඩකයෙකු වුව ද තරග වැදුණේ, වයස 20න් පහළ කාණ්ඩය වෙනුවෙන් වීම විශේෂත්වයක්.
කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ජනනී වික්‍රමසිංහ, ඔ-47 කාණ්ඩයේ මීටර් 200 තරගයෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තා.
වයස අවුරුදු 17 න් පහළ ක්‍රීඩිකාවක වූව ද, වයස අවුරුදු 20 න් පහළ වයස් කාණ්ඩය යටතේ තරගයට එක් වූ ඇය දැක්වූ දක්ෂතාව තත්ත්පර 29.36 ක්.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි